පළිගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ – නාලක ගොඩහේවා

Share

රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කිසිවකට,වර්තමාන ආණ්ඩුව මැදිහත්වන ආකාරයක් දක්නට නොමැති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

 

කැළණිය  ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, 2015 දී බලයට පැමිණි ආණ්ඩුව රට හදන්න කතා කරනවා කිසිවෙකු අසා නොමැති බවයි.

පසුගිය රජයේ සිටි සියලු රාජ්‍ය නායකයින් පළිගැනිම් ගැන පමණක් කතා කරනවා අසා ඇතැයි පැවසු ඒ මහතා, අනෙක් ආණ්ඩුවලට දොස් පවරමින් වසර 5ක් පුරා මෙය සිදු කළ බවත් ඔවුන් පළිගැනීම හැර කිසිදු වැඩක් කරේ නැති බවත් පැවසීය.

වත්මන් ආණ්ඩුව තුළින් ඇසීමට ලැබෙන්නේ සුබවාදී වැඩ ගැන පමණක් බවත් කියා සිටි ඒ මහතා ඒ අතර නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන ජනතාව විසින් චෝදනා ඉදිරිපත් කිරීමේ දී එම චෝදනා ගැන යම් පියවර ගනු ලබන බවත් කියා සිටියේය.

එය නිලධාරීන්ගේ වැඩක් බවත් එම කටයුතුවලට රජයේ ඇඟිලි ගැසීමක් නොමැති බව පසුගිය කාලයේ අධිකරණ තීන්දු මඟින් පෙනී ගිය බවත් ගොඩහේවා මහතා පැවසීය.

පළිගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, වැරදිකරුවන්ට ඔවුන්ගේ දෛවය නිවැරදි වේලාවට දඬුවම් ලබා දෙනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම කටයුත්ත අපිට අයිති දෙයක් නොව එය නීතියට අයිති දෙයක් බවත් නාලක ගොඩහේවා මහතා පැවසීය.

Read more

Local News