19 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ අර්බුද රැසක් නිර්මාණය වීමට හේතු වී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ පළ කළේ ඊයේ(01) මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයී.
19 වන ව්‍යවස්ථාව ගෙන එන ලැබු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ද මෙය විනාශයක් බව පවසන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.
එනිසා සියලු දෙනාගේ එකඟත්වයක් නැවත ඇති වන්නේ නම් ඒ ගැන නැවත වතාවක් බැලීමට සිදුවන බවත් කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා, පසුගිය ආණ්ඩුව සිදු කළ සෑම දෙයක්ම විනාශයට මුලපුරා ඇතැයි ද කියා සිටියේය.
19 වන සංශෝධනය අර්බුද රැසකට මුලපුරා ඇතැයි ද පැවසු ඒ මහතා, පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනු ඇති බවද පැවසීය.
පෙළක් අය එවැනි අය නැතැයි චෝදනා කරන බවත් එවැනි අය නැතිනම් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එවැනි බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට ජනතාවට ද වගකීමක් ඇතැයි කියා සිටියේය.



