යුද හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ භාර ගනී

Share

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගෙන ඇත.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදු කළේය.

කෙසේ වෙතත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් යුද හමුදාපති ධුරයේ කටයුතු කරනු ලබන බව ද යුද හමුදාව පැවසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ දීර්ඝතම සේවා කාලයක් සපුරන ලද නිලධාරියා ලෙස සැලකෙයි.

Read more

Local News