දිවයිනේ කිසිදු සහල් හිඟයක් නැතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දීපව්‍යාප්ත පාරිභෝගික සේවා නිලධාරීන්ගෙන් ඊට අදාළ වාර්තා ලබාගෙන ඇති බවයි.
සහල් හිඟ ප්‍රදේශවලට මහා පරිමාණ සහල් මෝල් හිමියන් මගින් සහල් තොග යවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.



