තායිවාන ගුවන් හමුදා ජෙනරාල්වරයා ඇතුළු 13ක් රැගත් හෙලිකොප්ටරයක් අතුරුදන්

Share

තායිවාන ගුවන් හමුදා ජෙනරාල්වරයා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු රැගත් බ්ලැක් හෝක් වර්ගයේ හෙලිකොප්ටරයක් අතුරුදන්ව තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජෙනරාල් ශෙන්ග් යි මින්ග් තායිවානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ලෙස ද කටයුතු කරන බවයි.

තායිවානයේ උතුරුදිග ප්‍රදේශයේදී ඔහු රැගත් හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබැස්වීමෙන් පසුව එලෙස අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.

තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, එම හෙලිකොප්ටර් යානයේ සිටි පුද්ගලයන් 13 දෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

Read more

Local News