SPC හිටපු සභාපති රූමි මොහොමඩ්ගේ මෝසම ප්‍රතික්ෂේප වෙයි

Share

රක්ෂිත බන්ධනාගාර ගත කරසිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතාට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්විමට අවසර ලබා දෙන ලෙසට ගොනු කර තිබූ මෝසමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

 

සැකකාර රූමි මොහොමඩ් මහතාගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ මෝසම අද(02) කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් එය ප්‍රතික්ෂේප කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට අදාලව රූමි මොහොමඩ් මහතා පසුගිය 31 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන  06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Read more

Local News