අධිකරණයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නංවන්න ස්වාධීනත්වය ඇති කිරීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි – අමාත්‍ය තලතා අතුකෝරල

2018 වසරේ අමාත්‍යංශයේ රාජකාරී කටයුතු අද(02) ආරම්භ කරමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවේ අධිකරණයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නංවන්න ස්වාධීනත්වය ඇති කිරීමට සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බවයි.

අධිකරණ අමාත්‍යවරිය ඇතුළු සියලු සේවකයින් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම ද මෙහිදී සිදුවිය.

“නඩු ප්‍රමාදය පිළිබඳව අපි කථා කරනවා. හය ලක්‍ෂ පනස් දහසක් ප්‍රමුඛ නඩු ප්‍රමාණයක් අධිකරණවල තිබෙනවා. අපි මේවා කඩිනමින් විසදිය යුතුයි. ඒ සදහා අගවිනිසුරුතුමා ඇතුළු අධිකරණ පද්ධතියට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙන බව කිව යුතු යි. රටේ ජනතාවගේ පැත්තෙන් බලන විට අපේ කාර්ය භාරය අතිශයින් වැදගත් වෙනවා.” නඩු ප්‍රමාදය පිළිබඳව ද එහිදී අමාත්‍යවරිය කරුණු පැහැදිලි කරමින් මෙසේ පැවසීය.

Exit mobile version