උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පත්වු පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (02) සිය ධූරයේ වැඩ භාරගනු ලැබිණ.
උතුරු පළාත් පළමු ආණ්ඩුකාරවරිය ලෙස පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී පසුගියදා දිවුරුම් දෙනු ලැබීය.
චාර්ල්ස් මහත්මිය යුද්ධය අවසන් වු සමයේ වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ අතර, එවක චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් අවතැන් වු ජනතාව වව්නියාව සෙටිටිකුලම ප්‍රදේශයේ ස්ථාපිත කළ සහන කඳවුරු තුළ රදවනු ලැබිණ.
චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ අවතැන් ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන ද දියත්විය.
චාර්ල්ස් මහත්මිය වව්නියාව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක් වන අතර, පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරිනියක් ලෙස රාජ්‍ය ආයතන රැසක සේවය කරනු ලැබුවාය.
නව ආණ්ඩුකාරවරිය වැඩ භාරගැනීමේ අවස්ථාවට දේශපාලන නියෝජිතයින්, උතුරු පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



