ඉන්දීය සික් බැතිමතුන් ගුරු ගෝබින්ද් සිංගේ ජන්ම දිනය සමරයි

Share

ඉන්දියාවේ සික් බැතිමතුන් ඊයේ(01) ගුරු ගෝබින්ද් සිංගේ 354වන ජන්ම දිනය සැමරීය.

 

ඒ අම්රිත්සාර් නගරයේ රන් දෙවොලේදී විචිත්‍රවත් උත්සවයක් පවත්වමින්.

සික් දහමේ දසවන ආධ්‍යාත්මික නායකයා ලෙසින් සැලකෙන ගුරු ගෝබින්ද් සිං කවියෙක්, දාර්ශනිකයෙක් මෙන්ම ඉන්දීය රණශූරයෙක්.

එතුමන්ගේ 354වන ජන්ම දිනය වෙනුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නගරයේ පිහිටි රන් දෙවොලේදී අලංකාර උත්සවයක් පවත්වා තිබේ.

සික් බැතිමතුන්ගේ ශුද්ධවූ රන් දෙවොලින් ආරම්භවූ පෙරහැර නගරය පුරා වීථි සංචාරය කළේය.

ඊට හමුදා සාමාජිකයන් සහ  පාසැල් සිසුන් බොහෝ පිරිසක් එක්ව සිටියේය.

කබිලියන එකයි දශම තුනක් වන ඉන්දීය ජනගහනයෙන් සික් බැතිමතුන් සිටින්නේ සියයට දෙකක පමණ ප්‍රතිශතයක්.

ඔවුන්ගෙන් බහුතරය පන්ජාබ් ප්‍රාන්තයේ වාසය කරන අතර නවදිල්ලි අගනුවරත් යම් ප්‍රතිශතයක් වාසය කරයි.

ගුරු නානක් දේව් විසින් ආරම්භ කළ සික් දහමේ ආධ්‍යාත්මික නායකයන් දස දෙනෙක් සිට තිබේ.

අවසන් ආධ්‍යාත්මික නායකයාවන ගුරු ගෝබින්ද් සිං 1675 වර්ෂයේ සිට 1708 දක්වා එම තනතුරේ කටයුතු කළේය.

Read more

Local News