නව වසර උදාවට පෙර වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැති සන්ධ්‍යා දිව්‍ය පූජාවෙන් පසු බැතිමතුන්ට සුබ පැතුම් පිරිනමමින් සිටියදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නොසිතූ සිද්ධියකට මුහුණ පෑමට සිදුවුණි.
ඒ ජනතාව මධ්‍යයේ ගමන්ගන්නා අතරතුර කාන්තාවක් පාප් වහන්සේගේ එක් අතක් වැරෙන් අල්ලා ඇය දෙසට ඇදීම හේතුවෙන්.
එහිදී අපහසුතාවට පත්වීම නිසා උන් වහන්සේ සිය අත ඇගෙන් මුදාගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර ” කාන්තාව අතින් ඇදීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප්වහන්සේට කේන්ති ගිය බවක් පැහැදිලිව පෙනෙන්නට තිබූණේ ” යැයි සි එන් එන් පුවත්සේවය සඳහන් කර තිබුණි.




