මෙක්සිකෝවේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැඳවූවන් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය, එරට සිදුවූ දරුණුම බන්ධනාගාර ගැටුම්වලින් එකක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මෙක්සිකෝවේ උතුරුදිග සකාටේකස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැඳවූවන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
පාපන්දු තරඟයක් මුල්කරගනිමින් මෙම ගැටුම හටගත් බව ඇතැම් වාර්තාවල දැක්වෙයි.
කෙසේ නමුත් ගැටුමට නිශ්චිත හේතුවක් අනාවරණ වී නැහැ.
ගැටුම අතරතුර රැඳවූවන් 16දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් ගිනි අවියක් සමඟ රැඳවූවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ගැටුම සිදුවූ බන්ධනාගාරය පරීක්ෂා කිරීමේදී තවත් ගිනි අවි 3ක් සහ විවිධ වර්ගයේ පිහි රැසක් හමුවී තිබුණි.
මේ වන විට ගැටුම්කාරී තත්ත්වය මුළුමණින් පාලනය කර ඇති බව බන්ධනාගාර බලධාරීන් පවසයි.
එමෙන්ම එරට සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර ඇතැයිද විදෙස් වාර්තා සඳහන් කළේය.
මෙම සිදුවීම, ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්රදෝර් බලයට පත්වීමෙන් අනතුරුව එරට සිදුවූ ප්‍රචණ්ඩකාරීම ගැටුම්වලින් එකක් බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.




