22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති වියරුවක්

Share

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවතත් හිටපු ජනපති ජේ ආර්. ජයවර්ධන මහතාගේ කාලයට ගමන් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.

 

සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පතින් විනිසුරන්, විගණකාධිපති, පොලිස්පති, නීතිපති ඇතුළු තනතුරු ජනපතිවරයා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බවයි.

මෙය ජනතාවගේ කැමැත්ත මත ස්ථාපිත කළ ස්වාධීන පද්ධති විනාශ කරන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය ඒකාධිපති වියරුවක් බවත් එය පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

Read more

Local News