ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුමට සූදානම් වෙයි

Share

ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුමට සූදානම් වෙමින් සිටියි.

 

එම මෙහෙයුම මේ වර්ෂයේදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සියේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාව මීට පෙර දෙවරක්ම චන්ද්‍ර මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

ඔවුන්ගේ චන්ද්‍රයාන් වන් මෙහෙයුම අසාර්ථකවූ අතර අතිශය සංකීර්ණවූ චන්ද්‍රයාන් ටූ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නොහැකි වුණේ එම යානය අනපේක්ෂිත ලෙස සඳ මතුපිටට කඩාවැටීම හේතුවෙන්.

මේ අතර සිය තුන්වන සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන් ත්‍රී මෙහෙයුම සඳහා සූදානම් වන බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

මිනිසුන් රහිත යානයක් වන චන්ද්‍රයාන් ත්‍රී මෙහෙයුමේ කටයුතු මේ වන විට සුමටව සිදුකෙරෙමින් ඇති බව එහි සභාපති කේ. සිවාන් ප්‍රකාශ කළේය.

මේ වසරේදීම යානය අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කරන නමුත් ඇතැම් විට එය 2021 වර්ෂය තෙක් දීර්ඝ වනු ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.

චන්ද්‍රයාන් ත්‍රී මෙහෙයුම සාර්ථක වුවහොත් සාර්ථකව චන්ද්‍ර මෙහෙයුමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත් වෙයි.

මීට පෙර චන්ද්‍රයා මත සාර්ථකව මෙහෙයුම් සිදුකිරීමට හැකිවුණේ අමෙරිකාවට, රුසියාවට සහ චීනයට පමණයි.

Read more

Local News