ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් එය ජනතාව සමඟ සාකච්ඡාකර සිදුකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යම් සංශෝධනයන් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“රටේ ඉදිරිගමනට යම් දේවල් අවශ්‍ය බවත් අවශ්‍ය ප්‍රමාණය කොපමනද කියන එක තීරණය කළ නොහැකි බවත් එය දීර්ඝ වශයෙන් සාකච්ඡා කල යුතු බවයි.“



