උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කළ වෙළඳසල් 3700 කට නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ , ඉන් නඩු 867 ක් උපරිම සිල්ලර මිල ඉක්මවා සම්බා හා නාඩු සහල් අලෙවි කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් පැවරූ බවයි.
පසුගිය නොවැම්බර් 15 වන දා ආරම්භ කළ එම වැටලීම් ලබන 15 වන දා දක්වා ක්‍රියාත්මක වේ.
මේ අතර , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උත්සව සමය වෙනුවෙන් ආරම්භ කළ වැටලීම්වලින් මේ වන විට වෙළඳසැළ් 1714 කට නඩු පවරා තිබේ.
එම වැටලීම් මේ මස අවසානය දක්වා ක්‍රියාත්මකයි.
දුර ගමන් සේවා බස්රථ නවත්වන ආපන ශලාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැටලීම් මාලාවක් හෙට සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.



