මගී ප්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් යුත් නලා නාදකිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන පනතේ හා පරිසර පනතේ වගන්ති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබාදි තිබේ.
ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේය.
ඒ අනුව මගි ප්‍රවාහන බස්රථවල නලා නාදකිරිම සම්බන්ධයෙන් පවතින විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීම සහ ඒවා නියාමනය පිළිබඳව අවධානය යොමුකරන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙස ජාතික ගමනා ගමන කොමිසන් සභාවට අමාත්‍යවරයා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.



