පාර්ලිමේන්තුව එළඹෙන ජනවාරී මස 7 වන අඟහරුවාදා දින සවස 1 දක්වා කල් තබා තිබේ.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.
08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද(03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ විය.
අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ජනාධිපතිවරයා විසින් මුලාසන කථාව පැවැත් වීමෙන් අනතුරුව ආරම්භ කළේය.
පසුව පාර්ලිමේන්තුව අද සවස 1 දක්වා තාවකාලිව කල්තැබීය.



