අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද(03) දහවල් 01ට යළි රැස්විය.
ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
සභාවේ කටයුතු ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙන්.
කෙසේ වෙතත් වරුණ ලියනගේ මන්ත්‍රීවරයා දිවුරුම් දීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය.



