වාසනාව උදාවන බව සිතා තරුණයෙක් කළ දෙයක්

Share

නැගෙනහිර චීනයේ ටියෑන් ෂුෂාන් ගුවන් තොටුපලේ දී ගුවන් යානයක එංජිමක් තුළට කාසියක් විසිකිරීමේ චෝදනාවකට ලක් වු තරුණයෙකුට අමෙරිකානු ඩොලර් 17,200ක දඩයක් නියම වී ඇත.

 

චීන ජාතික 28 හැවිරිදි අදාළ තරුණයෙකු හට එරට අධිකරණයක්විසින් මෙම දඩ මුදල නියම කර  ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිය පළමු ගුවන් ගමන සිදුකිරීමෙන් අනතුරුව ගුවන් යානයේ එංජිම තුළට කාසියක් විසි කිරීමෙන් වාසනාව උදාවන බවට වන මිත්‍යාවක් හේතුවෙන් ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් ලකී එයාර් නැමැති ගුවන් සමාගමට අයත් අදාළ ගුවන් යානයේ නියමිත ගුවන් ගමන අවලංගු කිරීමට සිදුවු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read more

Local News