පොලිස් නිළධාරින් 43කට ස්ථාන මාරුවීම්

Share

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 43 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවිම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

 

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනාට අමතරව ස්ථාන මාරු ලැබුවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සිව් දෙනෙකු ද වේ.

ඊට අමතරව පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 07 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 07 දෙනෙකු සහ පොලිස් පරික්ෂකවරුන් 16 දෙනෙකු ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Read more

Local News