ජනපතිගේ ප්‍රතිපත්තියට නිදහස් පක්ෂයේ සහාය

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යෙය් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අර්ථාන්විත කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හිටපු මහලේකම්  මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

 

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 17ක් එකතුව පුළුල් සංධානයක් ගොඩනගාගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි මැතිවරණයෙදි පුටුව ලකුණෙන් ඉදිරිපත් වීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ලකුණට වඩා වැදගත්වන තවත් කරුණු රැසක් තිබේන බවත් එම කරුණු සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News