යාපනය, පුංකුඩතිව් ප්රදේශයේ ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, දින කිහිපයකට පෙර උපත ලද බිළිදෙකුගේ සිරුරක් එලෙස සොයා ගත් බවයි.
එම බිළිඳු මළ සිරුර අධික ලෙස නරක් වී ඇතැයි පොලීසිය පැවසුවේ ය.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.



