අපේ පොලීසියටත් මොලේ නෑ

Share

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසියකට ලක්කළේ දුරකන සංවාද ඇතුළත් හඩපට පවතින සී.ඩී. තැටි සෙවීමට බව ආණ්ඩුවේ ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 

“දුරකතන හඩ පට ඇතුළත් සී.ඩී. තැටි අත්අඩංගුවට ගන්නයි රන්ජන් රාමනායක මහතාගේ ගෙදරට ගියේ. මේ අපේ පොලීසියටත් මොලේ නෑ. පොලීසියත් ඉතින් යන්නේ එක දෙයක් කරන්නේ වෙන දෙයක්. පොලීසිය ගියේ සී.ඩී. එක අත්අඩංගුවට ගන්න.

කෙහෙල්මල් පිස්තෝලයක් අල්ලගෙන ටී.ටී. එකට පෙන්නුවා. දැන් රට හිතන්නේ බලපත්‍ර නැති තුවක්කුවක් නිසා රන්ජන් අත්අඩංගුවට ගත්තා කියලා.”

Read more

Local News