ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන අප්‍රේල් මසය වන විට සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එහිදි මුලික කටයුතු හෙට (07) දින ආරම්භ කිරීමට නියමිතව ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ බව සදහන් කළේය.



