පාසල් සිසුන් සඳහා වව්චර් පත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සියයට අනුවකින් පමණ අවසන් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි පාසල් කටයුතු අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා සඳහන් කළේ ප්‍රමාදයන් පවතින පළාත්වලත් මෙම සතිය තුළ කඩිනමින් එම වව්චර් පත් බෙදාහැරීමේ කටයුතු කරන බවයි.
මේ අතර ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් විසින් නොයෙකුත් කටයුතු සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා සඳහන් කළේ එවැනි මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරන බවයි.



