රුපියල් බිලියන එකයි දශම දෙකක වියදමින් ඉදි කර ඇති මාතර නව අධිකරණ සංකිර්ණය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද(06) පෙරවරුවේ එහි නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින්ය.
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පෙරවරුවේ මාතර කොටවිල ප්‍රදේශයේ ඉදිකර ඇති නව අධිකරණ සංකිර්ණයේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරික්ෂණ චාරිකාවක නිරත වුණි.



