වාරි සෞභාග්‍යය වැඩසටහන අදින් ආරම්භ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දීර්ඝ කාලයක් පුරා තම ගැටළු සඳහා විසදුම් නොලැබුණු ගොවි ජනතාවට කඩිනම් විසදුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ බව සඳහන්.
නව රජයේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වාරි සෞභාග්‍යය වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ.



