මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය ඊයේ ශ්‍රී ලාංකිකයන්ට දිස්වුණි.
ඒ ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙසයි.
ඊයේ රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ඇතුළුවීමත් සමඟම ග්‍රහණය ආරම්භ වුණි.
ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වූ මෙය අළුයම 2.42 දක්වා පැවතියේය.
ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාවේ වැඩි කොටසකට නැගෙනහිර දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් ප්‍රදේශවලට දිස්වුණි.
මෙම වසරේදී ලෝක වාසීන්ට ග්‍රහණ හයක් දැක ගැනීමට හැකියාව ලැබෙයි.
ඒ අතරින් 2020 ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්යග්‍රහණය පමණක් ශ්‍රී ලංකාවාසීන් හට පැහැදිලව දැක බලා ගත හැකි අතර අර්ධ සුර්යග්‍රහණයක් දිස්වනුයේ එළඹෙන ජුනි 21 වනදායි.



