අමෙරිකා, ඉරාන අර්බුදය නිසා මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නෑ

අමෙරිකා – ඉරාන අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නැතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සංස්ථාව සතු තොග ගබාඩවල උපරිම ඉන්ධන ධාරිතාවක් පවත්වාගෙන යන බව ය.

එය දින 20 ත් 30 ත් අතර කාලයකට ප්‍රමාණවත් බව ඔහු සඳහන් කළේය.

අවශ්‍යතාව මත හම්බන්තොට වරායේ පවතින ඉන්ධන ටැංකි යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද, ඔහු කියා සිටියේය.

මේ අතර ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

ඊයේ දිනය වනවිට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බෙරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 64 යි සත 40 ක් ලෙස ය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 58 යි සත 11 ක මිලකට අලෙවි විය.

Exit mobile version