වෛද්‍ය ෂාෆිගේ නඩුව අද යළි කැඳවයි

Share

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද(16) කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ නඩුව අද යළි විභාගයට ගත්තේය.

නඩුවට සහභාගිවිම සඳහා වෛද්‍ය මොහොමඩ් ෂාෆි අද පෙරවරු 09 00 ට පමණ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය වෙත පැමිණියේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලු පිරිසක්ද අධිකරණය වෙත පැමිණියේය.

ඒ අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

එමඟින් ඔවුන් අධිකරණයට දන්වා සිටියේ කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු 76 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එමෙන්ම දඹුල්ල සහා ගලේවල රෝහල්වල සේවය කරන කාලයේ ෂාෆී වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම විමර්ශන ඉදිරියට ගෙන ගොස් යළි කරුණු වාර්තා කිරීමට මාස 02ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එ අනුව කුරුණැගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුව යළි මාර්තු 14වදනා කැඳවන ලෙසයි.

Read more

Local News