මහනුවර නගරය පොලිතීන්වලින් තොර කලාපයක් කිරිමේ මූලික පියවර අදින්(16) ආරම්භ වී තිබේ.
මේ පිළිබඳව ව්‍යාපාරිකයින් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද දිනයේ මහනුවර මහ නගර සභාවේ නිලධාරින්ගේ මැදිහත්විමෙන් සිදු විය.
ඒ පිළිබඳව එම නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ඉංජිනේරු නිමල් දිසානායක මහතා පවසා සිටියේ, පොලිතින් භාවිතයෙන් ඇතිව තිබෙන සෞඛ්‍ය ගැටළුමත මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා සභා තීන්දුවක් ගෙන ඇතැයි ද ඒ මහතා පැවසීය.
ඒ අනුව මහනුවර දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරය සමඟ සියලු දෙනා එකතු වී අද සිට පොලිතීන් නැති කිරීමට එක් වන ලෙසත් ඒ මහතා කියා සිටියේය.



