කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 22ක ජල කප්පාදුවක්

Share

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

 

ඊට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති.

එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ ජලය රැස්කර තබාගන්නා ලෙස ය.

Read more

Local News