මන්ත්‍රී රන්ජන් හිස මුඩු ගා අලුත් ස්වරූපයකින් සතුටින්

Share

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (16) වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියේය.

 

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හරින් ප්‍රනාන්දු , හේෂා විතාන හා පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන්.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිස මුඩු ගා අලුත් ස්වරූපයකින් සතුටින් සිටින බවයි.

එමෙන්ම රංජන් රාමනායක මහතා දුරකථන සංවාද හරහා කතා කළ අසභ්‍ය දේ පමණක් විවිධ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැන ගැනීමට හැකි වුවත් ඔහු සමඟ කතා කළ ආණ්ඩු පක්ෂයේ පිරිස් කතා කළ හඬ පට නිකුත් නොවන්නේ ඇයි දැයි ඔහු අවධාරණය කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ අනෙක් පර්ෂවයෙන් අවසරයක් නොමැතිව දුරකථන සංවාදය රංජන් රාමනායක මහතා විසින් පටිගත කිරීම සධාචාර විරෝධී දෙයක් බව පිලිගන්නා නමුත් හඬ පට හරහා රජය සෙල්ලම් කරන බවත් එය එදිරියටත් සිදු කරන්නේ නම් ප්‍රති උත්තර ලබා දෙන්න රංජන් රාමනායක මහතා කටයුතු කරනු ඇති බවත්  ඔහු පැවසීය.

ආණ්ඩුවේ සිටින තරුණ මන්ත්‍රීවරුන් රංජන් රාමනායක මහතාට කතා කළ ඇතැම් හඬපට නිකුත් වුවහොත් එම පිරිසගෙද සැබෑ ස්වරූපය ජනතාවට දැක ගත හැකි බවද මන්ත්‍රීවරයා පවසයි.

එම නිසා විදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙසට ආණ්ඩු පක්ෂයේ පිරිසට තමන් පවසන බවද ඔහු අවධාරණය කළේය.

Read more

Local News