ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට යසන්ත කෝදාගොඩ

Share

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

 

ජනාධිපතිතුමා ඒ පිළිබඳ සිය නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ බව සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වී තිබේ.

Read more

Local News