මහදිවුල් වැවේ ගිලී පුද්ගලයෙක් මරුට

මැදවච්චිය පොලිස් වසමේ මහදිවුල් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් ඇත.

 

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් වු ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.

මෘත ශරීරය මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇත.

මැදවච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version