රජෙක් හැදුවේ වැඩ කරන්න

Share

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වී ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ට මෙවර නාමයෝජනා ලබා නොදෙන ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පක්ෂ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

ගාල්ල ප්‍රදේශයේ පැවති වියත් පවුර සම්මන්ත්‍රණයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහනසේ පවසා සිටියේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මක බවයි.

යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ යුත්තේ කළ හැකි වැඩක් බවද සඳහන් කර සිටි උන්වහන්සේ, ජනතාව ප්‍රතික්ෂේප කර ලැයිස්තුවෙන් ගත් පිරිසට නාමයෝජනා නොදී සිටිය යුතු බවත් පැවසීය.

ජනතාව විසින් එවැනි පිරිසක් පාර්ලිමේන්තු නොයා යුතුයි යනුවෙන් තීරණය කර ඇති බවත් එම අඩුපාඩුව වෙනුවෙන් දේශහිතෛෂී මිනිසුන් පාර්ලිමේනතුවට යැවීමට වැඩ කළ යුතු බවත් අභයතිස්ස හිමියන් සඳහන් කර සිටියේය.

සමහර විට අදියර දෙකක් හෝ තුනක් යටතේ ලංකාවේ පාර්ලිමේන්තුව සකස් කිරීමට සිදුවන බවත් සඳහන් කර සිටි උන්වහන්සේ, දැන උගත් රටට ආදරය කරන අලුත් මුණු අවම වශයෙන් 60 ක් 70 ක් හෝ පාර්ලිමේන්තුවට යවා ගැනීමට හැකි වන්නේ නම් සිහිනය සැබෑ වෙන බවත් පැවසීය.

“රජෙක් හැදුවේ වැඩ කරන්න. ඒ නිසා වැඩ කර ගැනීමට අවශ්‍ය සිහසුන තියෙනවා රටක් නෑ. ඒ නිසාවෙන් සිහසුනට රාජ්‍යයක් නිර්මාණය කිරීම ඉදිරි මාස දෙක තුන ඇතුළේ  කළ යුතුයි.“ යනුවෙන් ද අභයතිස්ස හිමියන් මෙහිදී කියා සිටියේය.

Read more

Local News