රුපියල් 1000 ගැන අපි කථා කරේ වසර5කට කලින්

Share

වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය පැසසුමට ලක් කළ යුතු වුවත් එය ප්‍රායෝගිකද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.

 

තලවකැළේ ප්‍රදේශයේ ඊයේ(19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපති විශ්වාස කළ නොහැකි බවත් දැන් සිටින ජනාධිපතිවරයා හා අගමැතිවරයා හොඳ විය හැකි බවයි.

ඔවුන් දෙදෙනාගේ අදහස් එකට ගමන් කරන්නේ නම් රටට හොඳක් විය යුතු බවත් පැවසු ඒ මහතා, වතුකම්කරුවන්ට වැටුප රුපියල් 1000 ක් ලබා දෙන්නේ නම් පළමුව සතුටු වන්නේ තමා වුවත් එය ප්‍රායෝගිකව කළ හැකි ද යන්න ප්‍රශ්නයක් බවත් පැවසීය.

වසර 5කට පෙර සිට මේ ගැන කථා කර ඇති බවත් එනිසා මෙම රුපියල් 1000 ක වැටුප එම ජනතාවට දැන් හෝ ලබා දීම ගැන ආණ්ඩුවට ස්තූති වන්ත වන බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News