එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (19) රාත්රී කතානායකවරයාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.
වර්තමානයේ අර්බුදයට ලක්ව ඇති එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන්සාකච්ඡා වී තිබේ.
එක්සත්ජාතික පක්ෂ නායකත්වය තීරණය කිරීම සඳහා පසුගිය 16 වනදා පැවති එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වූ අතර එහිදී මන්ත්රීවරුන් අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබේ.



