නායකයෙක් තෝරා ගන්න බැරි UNPය ගැන ඩිලාන් කියන දේ

Share

එක්සත් ජාතික පක්ෂයේ ඇති නායකත්ව අර්බුදය හේතුවෙන් කලකිරීමට පත්ව ඇති පාක්ෂිකයින් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ශක්තිමත් කිරීම සඳහා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

 

බණ්ඩාරවෙල පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අද වන විට එක්සත් ජාතික පක්ෂයට නායකයෙක් තෝරා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඕනෑම පාසලක එක් විදුහල්පතිවරයෙක් ගුරු මණ්ඩලයක් සිටින බව අසා සිටිය ද එජාපයේ විදුහල්පති මණ්ඩලයක් හා එක් ගුරුවරයෙක් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

නායකත්වයක් තෝරා ගැනීමට රනිල්, සජිත් පමණක් නොව අද වන විට කරූ ජයසූරිය මහතා ද නායකයෙක් වී ඇතැයි පැවසු ඒ මහතා, අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තමන්ට ඡන්දය දුන්නේ ද නැද්ද යන්න පිළිබඳ ගැටළුවක් කර ගෙන නොමැති බවත් කියා සිටියේය.

ඒ නිසාවෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී එතුමාට ශක්තියක් වීමට සියලු දෙනා එකතු විය යුතු යැයි ද සඳහන් කර සිටි ඩිලාන් පෙරේරා මහතා, එක්සත් ජාතික පක්ෂයේ අද වන විට පක්ෂයක් නොව කල්ලි 3ක් ඇති වී තිබෙන බවත් පැවසීය.

“නායකයෙක් තෝරා ගන්න බැරි යූඑන්පී ය කොහොම ද පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්නේ “ යනුවෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News