විග්නේශ්වරන්ට ටෙලෝ පක්ෂ නායකයාගෙන් ආරාධනයක්

Share

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා වෙත ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.

 

අඩෙක්කලනාදන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් විග්නේශ්වරන් මහතා බිහි කළ නව සන්ධානය හරහා දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව එළැඹෙන මැතිවරණයට තරග කිරීමට තමන් ආරාධනා කරන බවයි.

විග්නේශ්වරන් මහතාගේ නව සන්ධානය දෙමළ ජාතික සන්ධානය වෙත එක්වූවහොත් දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් නව ශක්තිමත් සන්ධානයක් හරහා මැතිවරණය තුළින් වැඩි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගත හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම පැවසුවේය.

දෙමළ ජාතික සන්ධාන නායකත්වය වෙනස්වුහොත් දෙමළ ජාතික සන්ධාන නව නායකයින් සමඟ එක්වීමක් සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බවට විග්නේශ්වරන් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අඩෙක්කලනාදන් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා එලෙස සඳහන් කළේය.

ටෙලෝ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාව ටෙලෝ පක්ෂ කාර් යාලයේදී පසුගිය 19 දා පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වු මාධ්‍ය සාකච්ජාවේදී අදාළ ගැටළුව සම්බන්ධයෙන් විමසීමේදී අඩෙක්කලනාදන් මහතා එලෙස ප්‍රකාශ කළේය.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා වෙත පළාත් සභාව ක්‍රියාත්මක වු අවස්ථාවේ උතුරු පළාත් සභා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මන්ත්‍රීවරුන් විශ්වාංසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මැදිහත්වි අදාළ ගැටළුව නිරාකරණය කරනු ලැබිණ.

ටෙලෝ පක්ෂය විග්නේශ්වරන් මහතා සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වන අතර, විග්නේශ්වරන් මහතාගේ නායකත්වය යටතේ බිහිවන නව සන්ධානය වෙනුවෙන් ටෙලෝ පක්ෂය එක්වනු ඇති බවටද පසුගිය සමයේ ආරංචි පැතිරිණ.

Read more

Local News