විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී තිබේ.
ඊයේ(20) පස්වරුවේ විපක්ෂ නායකවරයා කොළඹ අගරදගුරු නිවසේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවි සුහද කතාබහක නිරත වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු ප්‍රජාතන්ත්‍රවාදීව විසඳෙනු ඇති බවයි.



