පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි එළවළු මිළ ගනන් සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අද(21) පෙරවරුවේ එහි සංචාරය කළේය.
මේ අතර සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් අද දිනයේ සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පවසයි.
යාපනය ප්‍රදේශයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ මෙලෙස එළවළු මිල ගණන් පහත වැටී ඇති බව එම ව්‍යාපාරිකයින් පෙන්වාදෙයි.
කෙසේවෙතත් උඩරට ප්‍රදේශවල වගා කරනු ලබන ගෝවා, බෝංචි, කැරට් සහ ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල මෙලෙස පහත වැටී ඇති බව වාර්තා වෙයි.



