යහපාලන රජය 19වන සංශෝධනය ඇස්බැන්දුමක් කළ බව කෙහෙළිය කියයි

Share

යහපාලන රජය 19 වන සංශෝධනය ඇස්බැන්දුමක් කළ බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය හරහා ජනතාවට සහතික කළේ නීතියේ ආධිපත්‍ය සහ විනය ගරුක සමාජයක් වුවත් මේ වන විට එය ව්‍යාජ පෙන්වීමක් බව ඔප්පු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පමනක් මේ සියල්ලටම චෝදනා කළ නොහැකි බවත් එයට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read more

Local News