ධම්මික හේමපාල ප්‍රකාශ දෙන්න CCDයට එයි

ආන්දෝලනාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් සේවය අත්හිටවනු ලැබූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ප්‍රකාශ ලබා දෙමින් සිටින බව වාර්තා වේ.

 

ආන්දෝලනාත්මක දුරකතන හඬපට සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සහ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබුණි.

ඒ අනුව ඊයේ (20) සහ පෙරේදා  (19)  යන දිනවලදී විනිසුරු ගිහාන් පිලපිටිය සහ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක යන මහත්ම මහත්මීන්ගෙන් අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගත්තේය.

Exit mobile version