විද්‍යුත් මෘදුකාංගයක් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කළේ, ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිම මෙහි අරමුණ බව ය.
මේ වනවිට ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.
නව ක්‍රමවේදය ලබන මාසයේ සිට හඳුන්වාදීමට නියමිත ය.
මේ සමග ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය වේගවත්වන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කළේය.



