රන්ජන් හඬපටය තවමත් සභාගත කරලා නැ

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, මෙතෙක් දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරි මහතා තහවුරු කර තිබේ

 

අද(24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායකවරයා මේ බව සඳහන් කළේය.

ආන්දෝලනාත්මක දුරකථන සංවාද පැවැත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අඟහරුවාදා දිනයේදී එම හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට පැවසූවද, පෙරේදා දිනය වන තෙක් ඒවා සභාගත කර තිබුණේ නෑ.

එවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ රන්ජන් රාමනායක මහතා පැවැත් වූ දුරකථ සංවාද පහලොස් දහසක් අඩංගු සීඩී තැටි කිහිපයක් පාර්ලිමේනුවට ලබාදුන් බවයි.

Read more

Local News