Home දේශීය පුවත් 2021 වසරේදී ජන හා නිවාස සංගණනයක්

2021 වසරේදී ජන හා නිවාස සංගණනයක්

0
2021 වසරේදී ජන හා නිවාස සංගණනයක්

2021 වසරේ දී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව එම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

ශ්‍රි ලංකාවේ සිදුකෙරෙන 15 වන ජන හා නිවාස සංගණනය වන මෙම සංගණනයට අදාළ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සිතියම් ගත කිරීමේ කටයුතු ද මේ වනවිට අවසන් කර තිබේ.

අවසන් වරට 2012 වසරේදී  පැවති ජන හා නිවාස සංගණනයක් සංගණනය අනුව  ශ්‍රි ලංකාවේ මුළු ජනගහණය දෙකෝටි තුන්ලක්ෂ 59,439ක් ලෙස වාර්තා වී තිබුණි.

රටෙහි මුළු ජනගහණයෙන් තුනෙන් දෙකක පමණ පිරිසක් බස්නාහිර, මධ්‍යම, දකුණ හා වයඹ යන පළාත්වල වෙසෙන බවට එම සංගණනයෙන් අනාවරණය වු අතර වැඩිම ජනගණය කොළඹ දිස්ත්‍රික්කයෙනුත් අඩුම ජනගහණය මුලිතිව් දිස්ත්‍රිකයෙනුත් වාර්තා වු බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2012 වසරේ සිදුකළ සංගණනයට අනුව පුද්ගලයින් පදිංචි ගොඩනැඟිලි පනස් දෙලක්ෂ 67,159ක් වාර්තා වී ඇති අතර වැඩිම ගොඩනැඟිලි සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here