චීනයේ සිටින ලංකිකයින්ට දැනුම්දීමක්

Share

චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ වුහෑන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති වුහෑන් නගරයේ පිහිටි විශ්වෙවිද්‍යාලයක ශ්‍රී ලාංකික සිසුන් 30කට ආසන්න පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News