කොරෝනා වෛරස් ආසාධිතයින් 60 ක් සුවය ලබයි

චීනයේ නව කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 60 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මේ වන විට චීනයෙන් වෛරස ආසාදිතයින් 4515 දෙනෙකු සහ මරණ 106ක් වාර්තා වෙයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සිය දෛනික වාර්තා වලින් සදහන් කර ඇත්තේ රෝගීන් 976 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

සැක කටයුතු රෝග ලක්ෂණ සහිත තවත් පුද්ගලයින් 6973ක පිරිසක් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙයි.

නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වන පුද්ගලයින් අතරට වයෝවෘද්ධ සහ විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් අයත් වන බව සඳහන්.

හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ ප්‍රාන්ත 30ක් පුරා ව්‍යාප්ති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version