ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හිතකර ගමනක් යෑමේ උත්සහයක නිරතවෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
පොළොන්නරුව හිගුරක්ගොඩ ප්රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.
“අලුත් ජනාධිපති හොඳ ගමනක් යාමේ උවමනාවක් තියනවා. උනන්දුවක් තිබෙනවා. අපි සියලු දෙනාම එය සහය දෙන්න ඕනේ.
පක්ෂ පාට බලලා වෙන්වෙන එක නෙමෙයි තියෙන්නේ. දේශපාලන පක්ෂ නෙමෙයි ප්රශ්නය රට. එක රට ඒ වගේම ජනතාව අනෙක් සියලුදේ ඊට පස්සේ.“



